Wednesday, January 14, 2015

SEND , RECEIVE සහිත PayPal ගිණුමක් හදමු

හැමෝටම ජයෙන් ජය කියල මන් වැඩේ පටන් ගන්නම්. මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද ඊ මනී ශේස්ත්‍රයෙදී අපට අවශ්‍ය අන්තර්ජාල බැංකු ගිණුමක් සකස් කරගන්නේ කියල.
වැඩි කතා නැතුව අපි බලමු අන්තර්ජාල බැංකු ගිණුමක් වන පේපෑල් ගිණුමක් සාදා ගන්නේ කොහොමද කියලා.

මුලින්ම ඔයාල පහළ තියන බැනර් එක උඩ Click කරන්න. ඒකෙන් ඔයලව පේපෑල් වෙබ් පි‍ටුව වෙත ගෙනයාවි.
paypal-sri-lanka
දැන් ඔයාලට පහලින් තියන පින්තුරයේ ආකාරයට පේපෑල් වෙබ් පි‍ටුව දිස් වේවි. මුල්ම පියවර වශයෙන් ඔයාලට පෙනවා ඇති පල්ලයහයින් තියන  පින්තුරයේ මන් රතු පාටින් කො‍ටු කරල තියනවා Sign Up  නැමැති තැන් දෙකක. එයින් කුමන හෝ එක් තැනක Click කරන්න.
1
ඊලගට ඔබව පේපෑල් ගිණුමෙහි ලියපදින්චි කිරිමේ මුල් පියවරට ගෙනයාවි. දැන් අපි ලියපදින්චි වීම අරබමු.
ලියපදින්චිවීමට තමන්ගේ විස්තර දිමට අවශ්‍ය තැන් මන් රතුපාටින් කො‍ටු කරල අකුරක් දීලා ඇති. ඒ තැනට පිරවිමට අවශ්‍ය කුමක්ද යන්න අකුර සමග අදාල පින්තුරයට පහලින් දක්වා ඇත.
2
A – Your Country or Region – Malaysia කියල දෙන්න.
B – Premier කියන එක යටතේ Get Started Click කරන්න.
පේපෑල් ගිණුමේ ලියපදින්චි වීමය අවශ්‍ය අපගේ තොරතුරු ලබාදීම මෙම පියවරෙදී සිදු කෙරෙනු ඇත.
34
C – Email Address – ඔබගේ Email Address එක ලබා දෙන්න.
D – Choose a Password – බලවත් මුරපදයක් ලබාදෙන්න. (මුරපදය ලබාදීමේදී ඒ සදහා ඉංග්‍රීසි කැපිටල් අකුරක්, ඉංග්‍රීසි සිම්පල් අකුරක් සහ ඉලක්කම් ලබාදෙන්න).
E – Re-Enter Password – ඔබ ඉහතදී ලබාදුන් මුරපදය නැවතත් ලබාදෙන්න.
F – First Name – ඔබගේ මුල් නම.
G – Middle Name –  මද්ය්‍ය නම.
H – Last Name – අවසාන නම.
I – Date of Birth – පිලිවෙලින් මාසය, දිනය, අවුරුද්ද ලබා දෙන්න.
J – Nationality – මෙය මතක ඇතුව  Sri Lanka ලෙස ලබා දෙන්න.
K – Address Line 1 – ඔබේ ලිපිනය ලබා දෙන්න. (මේ සදහා ඔබේ නිවාස අංකය හා පදින්චි ගම පමණක් ලබා දෙන්න).
L – Address Line 2 – මෙය හිස්ව තබන්න.
M – City – මේ සදහා ඔබගේ ගම අයත් නගරය ලබා දෙන්න.
N – State/Province/Region – මෙහි පළාත හෝ දිස්ත්‍රික්කය ලබා දෙන්න.
O – Postal Code – ඔබේ ගමට අදාල Code එක ලබා දෙන්න.
එය ඔබට මෙම Link එකට ගොස් සොයාගත හැක.

<<< POSTAL CODE – SRI LANKA >>>

P – Phone Number – මේ සදහා ඔබට වලංගු භාවයක් ඇතැයි සිතෙන අංකයක් ලබාදෙන්න. එය ලබා දීමෙදී මුලට 0060 සහ තවත් අංක නවයක් ඇතුලත් කරන්න.  (උදාහරණයක් ලෙස:- 0060987654321, 0060918273645, 0060123456789 යන්න ලබා දෙන්න).
Q – Agree and Crate Account මත Click කරන්න.
ඊලග පි‍ටුවෙදි පේපෑල් එකෙන් ඔයාලට Security Challenge එකක් ලබා දෙනවා.
5
R – “R” කො‍ටුව තුළ ඔබට ලබා දී ඇති පැටලිලි සහගත අකුරු පේලිය Enter the Code Shown කියන එක ඉදිරියේ ඇති කො‍ටුව තුල (ඊ තලයෙන් පෙන්වා ඇති) Type කරන්න.
S – Continue මත Click කරන්න.
පහත පින්තුරයේ ආකාරයට ඊලග පියවර ඔබට දිස්වේවි.
6
T – “T” අකුරෙන් පෙන්වා ඇති කොලපාටින් කො‍ටු කරල තියන Continue යන ඒවා මත Click කරන්න යන්න එපා. ඒවා අදාල නෑ.
U – Go to My Account මත Click කරන්න.
හරි දැන් ඔබගේ පේපෑල් ගිණුම සාදා අවසානයි. අපිට තව එක වැඩක් කරන්න තියනවා. ඒ තමා පේපෑල් ගිණුම සෑදීම්මට ලබාදුන් Email එක අපේ කියල පෙන්නන එක. සරලව කිව්වොත් Email එක Verify කරන එකයි.
මුලින්ම ඔබගේ පේපෑල් ගිණුමට යන්න.
8
V – My Account මත Click කරන්න.
W – My Account යටතේ ඇති Profile කියන එක උඩට ගියාම ඔබට දිස්වේවි Add/Edit Email යනුවෙන්. එ මත Click කරන්න.
දැන් ඔබට ඔබ පේපෑල් හි ලියපදින්චි වීමට ලබාදුන් Email එක පහත පින්තුරයේ ආකාරයට දිස්වෙවි.
9
X – Confirm මත Click කරන්න.
Confirm මත Click කලාම පහත පින්තුරයේ ආකාරයට රතු පාටින් කො‍ටු කරල තියන ආකාරයේ පණිවිඩයක් (A conformation email has been sent to this address. Please conform this email address by clicking on the link in the email) දිස්වෙවි. එකෙන් කියන්නේ පේපෑල් එකෙන් අපේ Email Address එක Confirm කරන Mail එක අපේ Email Address එකට යැව්වා එකේ තියන Link එක උඩ Click කරලා Email Address එක Confirm කරන්න කියලා.
10
දැන් ඔයාල පේපෑල් එකේ ලියපදින්චි විමට ලබාදුන් Email Address එකට යන්න.
11
Y – Email එකට ගියාම ඉහත ආකාරයට Mail එකක් ඇවිත් ඇති. ඒක උඩ Click කරන්න.
12
ඉහත පින්තුරයේ රතු පාටින් කො‍ටු කරල තියන Confirm my email address කියන එක මත Click කරන්න.
13
Z – පේපෑල්හි ලියපදින්චි වීමේදී ලබාදුන් Password එක දීලා Login කියන එක උඩ Click කරන්න.
14
AA – Login මත Click කලාම ඉහත පින්තුරයේ ආකාරයට කොල පාටින් කො‍ටු කරල තියන ආකාරයේ පණිවිඩයක් (You have successfully confirmed your e mail address) දිස්වෙවි. දැන් ඔයාලගේ Email එක Confirm කරන වැඩේ ඉවරයි.
AB – Security Question 1, Security Question 2 සදහා ඔබට කැමති ප්‍රශ්ණ ලබා දෙන්න. Answer 1, Answer 2 සදහා ඔබ ඉහතදී ‍තෝරාදුන් ප්‍රශ්ණ වලට ගැලපෙන මතක හිටින උත්තර 2ක් ලබාදෙන්න. අදාල ප්‍රශ්නයට අදාල උත්තරය ලබා දී Submit යන්න Click කරන්න.
15
AC – “AC” අකුරෙන් පෙන්වා ඇති කොලපාටින් කො‍ටු කරල තියන Continue යන ඒවා මත Click කරන්න යන්න එපා. ඒවා අදාල නෑ.
AD – Go to My Account මත Click කරන්න.
දැන් ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුමක් වන පේපෑල් ගිණුමේ ලියපදින්චි වී සියල්ල අවසානයි.

3 comments: