Tuesday, January 13, 2015

නිවැරදිව Payza ගිණුමක් හදමු

වැඩි කතා නැතුව අපි බලමු අන්තර්ජාල බැංකු ගිණුමක් වන පේසා ගිණුමක් සාදා ගන්නේ කොහොමද කියලා.

මුලින්ම ඔයාල පහළ තියන බැනර් එක උඩ Click කරන්න. ඒකෙන් ඔයලව පේසා වෙබ් පි‍ටුව වෙත ගෙනයාවි.

දැන් ඔයාලට පහලින් තියන පින්තුරයේ ආකාරයට පේසා වෙබ් පි‍ටුව දිස් වේවි. මුල්ම පියවර වශයෙන් ඔයාලට පෙනවා ඇති පල්ලයහයින් තියන  පින්තුරයේ මන් රතු පාටින් කො‍ටු කරල තියනවා තැන් දෙකක. එයින් කුමන හෝ එක් තැනක Click කරන්න.
1
ඊලගට ඔබව පේසා ගිණුමෙහි ලියපදින්චි කිරිමේ මුල් පියවරට ගෙනයාවි. දැන් අපි ලියපදින්චිවීම අරබමු.
ලියපදින්චිවීමට තමන්ගේ විස්තර දිමට අවශ්‍ය තැන් මන් රතුපාටින් කො‍ටු කරල අංකයක් හෝ අකුරක් දීලා ඇති. ඒ තැනට පිරවිමට අවශ්‍ය කුමක්ද යන්න අංකය හෝ අකුර සමග අදාල පින්තුරයට පහලින් දක්වා ඇත.
2
1 - Sri Lanka කියල දෙන්න.
2 - Starter Select Click.
පසුව ඔබව පේසා ගිණුමෙහි ලියපදින්චි කිරිමේ පළමු පියවර (Step 1) වෙත ගෙනයාවි.
4
5
6
A - Salutation – ඔබට අදාල එක ලබා දෙන්න.
B – First Name – මුල් නම.
C – Last Name – අවසාන නම.
D – Address Line 1 – ඔබේ ලිපිනය ලබා දෙන්න. (මේ සදහා ඔබේ නිවාස අංකය හා පදින්චි ගම පමණක් ලබා දෙන්න).
මෙතනදී මගෙ යලුවෝ මට පොඩ්ඩක් සමාවෙන්න. Screenshots ගද්දි E – F – G Type කරන්න අමතක වෙලා. ඒක නොසලකා හරින්න..නැත්තම් අයේ Screenshots  ගන්න වෙලා යනවා.
H – Address Line 2 – මෙය හිස්ව තබන්න.
I – City – මේ සදහා ඔබගේ ගම අයත් නගරය ලබා දෙන්න.
J – Region – මෙහි පළාත හෝ දිස්ත්‍රික්කය ලබා දෙන්න.
K – Postal Code – ඔබේ ගමට අදාල එක ලබා දෙන්න.
එය ඔබට මෙම Link එකට ගොස් සොයාගත හැක.

<<< POSTAL CODE – SRI LANKA >>>

L – මෙය Auto Sri Lanka ලෙස ලබාගෙන ඇත.
M – Citizenship – මෙයද Sri Lanka ලෙස ලබා දෙන්න.
Home Phone  යටතේ,
N – Sri Lanka +94 යන්න ලබා දෙන්න.
O – Phone Number – මේ සදහා ස්ථාවර දුරකතන අංකයක් හෝ ජංගම දුරකතන අංකයක් ලබා දෙන්න. එය ලබා දීමෙදී මුලට 0 නොයොදා අතුලත් කරන්න. (උදාහරණයක් ලෙස:- 810000000, 710000000, 720000000, 770000000, 750000000, 7800000000 යන්න ලබා දෙන්න).
P – Job Category – Other යන්න ලබා දෙන්න.
Q – Other – ඔබට අදාල එක ලබා දෙන්න.
Date of Birth යටතේ,
R – Month – ඉපදුණු මාසය.
S – Day – ඉපදුණු දවස.
T – Year – ඉපදුණු අවුරුද්ද.
U – Next Click කරන්න.
ඔබගේ පේසා ගිණුමේ ලියපදින්චි වීමේ පළමු පියවර (Step 1) අවසානයි.
දැන් පේසා ගිණුමේ ලියපදින්චි වීමේ දෙවන (Step 2) පියවරයි. මෙම පියවරේදී අපි ලබාදෙන තොරතුරු හොදින් මතක තබාගත යුතු බව මතක් කර සිටිනවා. මෙම පියවරෙදී ඔබ ලබාදෙන තොරතුරු Word File එකක හෝ Notepad File එකක වෙනම Save කරගෙන තබාගන්න.
7
8
9
V – Email Address – ඔබගේ Email Address එක ලබා දෙන්න.
W – Password – බලවත් මුරපදයක් ලබාදෙන්න. (මුරපදය ලබාදීමේදී ඒ සදහා ඉංග්‍රීසි කැපිටල් අකුරක්, ඉංග්‍රීසි සිම්පල් අකුරක් සහ ඉලක්කම් ලබාදෙන්න).
X – Re-Enter Password – ඔබ ඉහතදී ලබාදුන් මුරපදය නැවතත් ලබාදෙන්න.
Y – Transaction Pin – ඉලක්කම් හතරකින් යුත් අංකයක් ලබාදෙන්න. (ඔබ ඔබේ පේසා ගිණුම හරහා කරන සෑම ගනුදෙනුවකදිම මෙය ඔබෙන් අසනවා).
Z – Re-Enter Transaction Pin – ඉහතදී ලබාදුන් අංකය නැවතත් ලබාදෙන්න.
Password Recovery යටතේ,
AA – Security Question – ඔබට කැමති ප්‍රශ්ණයක් ලබා දෙන්න.
AB – Answer – ඔහ ඉහතදී ‍තෝරාදුන් ප්‍රශ්ණයට ගැලපෙන මතක හිටින උත්තරයක් ලබාදෙන්න..
AC – Third Party Information – No යන්න තේරීම මත Check Box එක Click කරන්න.
AD – මෙතන ඔබට Captcha Code එකක් දිස්වෙවී. එය Type The Two Words යන එකේ Type කරන්න.
AE – මෙහි ඇති Check Box එක Click කරන්න.
AF – Final Step යන්න Click කරන්න.
පේසා ගිණුමේ ලියපදින්චි වීමේ තුන්වන නොහොත් අවසාන (Step 3) පියවර.
තුන්වන පියවර (Step 3) ගියාම ඔබට කරන්න තියෙන්නේ ඔබගේ Email Address එකට යන එකයි.
10
AG – Email Address එකට ගිහින් බලන්න පහත පින්තුරයේ ආකාරයේ Mail එකක් පේසා එකෙන් ලැබී තිබෙනවාද කියලා. දැන් එම පේසා එකෙන් ලැබී ඇති Mail එක Click කරන්න.
11
AH – පහත පින්තුරයේ ආකාරට Click hear to validate your email address යන්න එක මත Click කරන්න.
12
ඉන් පසුව ඔබ කෙලින්ම ඔබගේ පේසා ගිණුම වෙත ගෙනයාවි.
13
AI – දැන් ඔබට ඔබේ පේසා ගිණුමෙහි ඉහලින් දිස්වෙවි Thank you for validating your email address! යනුවෙන්.
ඔබගේ තුන්වන පියවරත් සාර්ථකයි. එසේම දැන් ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුමක් වන පේසා ගිණුමේ ලියපදින්චි වී අවසානයි.
අපි දැන් බලමු පේසා ගිණුමට Log වෙන්නෙ කොහොමද කියල.
14
1 – පේසා වෙබ් සයිට් එකට පිවිසිමෙන් අනතුරුව ඉහත පින්තුරයේ ආකාරයට දකුණුපස ඉහල කෙලවරේ Log In යනුවෙන් දිස්වේවි. ඒ මත Click කරන්න.
15
2 – Email – ඔබ පේසාහි ලියපදින්චි වීමෙදී ලබාදුන් Email Address එක ලබාදෙන්න.
3 – Password – ඔබ පේසාහි ලියපදින්චි වීමෙදී ලබාදුන් Password එක ලබාදෙන්න.
4 – Log in යන්න ලබාදෙන්න

No comments:

Post a Comment